වර්ෂ 1931 ජුනි 04 වන දින වරල්ල ගම්මානයේ යාපා මහතාගේ පරිත්‍යාගයෙන් ලබා දුන් ඉඩමෙහි කුඩාවට වරල්ල පාසල ආරම්භ වුනි.අක්කර දෙකක් පමණ වූ වත්තේ පාඨශාලාව වර්ගෙ අඩි 960ක් පමණ වූ ,ගම්වැසියන් විසින් ඉදිකරන ලද තාවකාලික ගොඩනැගිල්ලකි. පාසලේ මුල් ගුරුතුමන් වූයේ ඒ.ජේ.ඊ.ඩී.සිල්වා මහතාය .ප්‍රථම ශිෂ්‍යයා වන අමරසිංගෙයි ඔර්ලියස් හා ප්‍රථම ශිෂ්‍යයාව වන ලීලාවතී මුහසිංහ යන දෙදෙනාගේ මූලිකත්වයෙන් ඉගැන්වීම් කටයුතු සිදුකෙරිනි. ගුනවර්ධන නමින් තවත් එක් ගුරුවරියක් එහි සේවය කරන ලදී.අප පසලේ සිසුන්ට වන්දනාමාන කිරීම සදහා 1998 ඔක්තොබර් 18 දින උපලතා ගමවාච්චිගේ මැතිනිය විසින් විහාර මන්දිරයක්ද ඉදිකරවා ඇත.දිනෙන් දින සිසුන් වැඩිවෙත්දී නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවය අප පාසලට ඉමහත් සේ දැනුණු අතර ළගම පාසල හොදම පාසල වැඩසටහන යටතේ වර්ෂ 2016 දී නව තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට යෙදුණි.එම තෙමහල් ගොඩනැගිල්ල 2018 සැප්තැම්බර් 09 වන දින සිසු අයිතියට පත් කරන ලදී.
|
ආරම්භ කළ වර්ෂය |
1931 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
20 |
|
මුල් ගුරුතුමාගේ නම |
ඒ.ජේ.ඊ.ඩී.සිල්වා |
|
පාසලේ ආදි කතෘගේ නම |
- |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
මාර/වරල්ල.එම්.ඩී.යාපා.ම.වි |
|
පාසල භාරව කටයුතු කිරීම |
- |
|
පාසල රජයට පවරාගත් දිනය |
- |
|
පාසල පැවැත්වූ ස්ථානය |
වරල්ල |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
අමරසිංගෙයි ඔර්ලියස් |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
ලීලාවතී මුහසිංහ |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1931.06.07 |